හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණියා.

ඒ, ප්‍රකාශයක් ලබාදීම සදහා එම කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙසට ඔහුට කර තිබූ දැනුම්දීමකට අනුවයි.

ඒ, අනුව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පෙරවරු 9:45ට පමණ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණි බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එම කොට්ඨාසය වෙත ඇතුළුවීමට පෙර මාධ්‍ය හිටපු අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා.

සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියකට අදාළ සිදුකෙරෙන විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එලෙස කැදවා තිබෙනවා.

එම සිද්ධියට අදාළව පසුගියදා අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයාගේ පුත්‍රයා වන ජොහාන් ප්‍රනාන්දු මේ වන විට රක්‍ෂිත බන්ධනාගාරගතව පසුවනවා.