අවුරුදු 18 ඉක්මවූ මෙරට පුරවැසියන්ගෙන් මිලියන 12ක් මේ වනවිට ටින් අංකය ලබාගෙන ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

ටින් අංකය ලබානොගත් මිලියන 05ක පිරිසක්ද සිටින බවයි දේශීය ආදායම් කොමසාරිස් නන්දන කුමාර මහතා පැවසුවේ.

එම පිරිස ස්වේජ්ඡාවෙන් ලියාපදිංචි වනු ඇතැයි අපේක්‍ෂා කරන බවයි ඔහු කියා සිටියේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගිය වසරේ මෙන්මන මෙම වසරේ ද ලබාදී ඇති ආදායම් ඉලක්ක සපුරාලීමට කටයුතු කරන බවද දේශීය ආදායම් කොමසාරිස් නන්දන කුමාර මහතා වැඩිදුරටත් පැවසුවා.