ආර්ථික අපහසුතා හේතුවෙන් රටේ කිසිදු දරුවෙකුට වෘත්තීය අධ්‍යාපනය හෝ වෙනත් කිසිදු අධ්‍යාපන අවස්ථාවක් අහිමි නොවන ආකාරයෙන් රජයේ සියලු‍ උපාය මාර්ගික සැලසුම් සකස් කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවාග වෘත්තීය අධ්‍යාපන අංශයට අනුබද්ධ ආයතනවල අයවැය හා උපාය මාර්ගික සැලසුම්කරණය පිළිබඳ වැඩමුළුවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා.

ජාතික ආර්ථික සංවර්ධන සැලැස්මට අනුකූලව ප්‍රධාන ආයතනවල සංවර්ධන සැලසුම් සහ ඒවාට අනුයුක්ත සෙසු ආයතනවල සැලසුම් පෙළගැස්වීම අත්‍යවශ්‍ය කරුණක් බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ. අධ්‍යාපන ආයතන මඟින් වෘත්තීය දැනුම සහිත පුද්ගලයින් බිහි කරනවා සේමල ඔවුන් තුළ මානව දයාවල සහකම්පනයල අන්‍යයන් කෙරෙහි දක්වන කරුණාව සහ සදාචාරාත්මක වටිනාකම් වර්ධනය කිරීමට හැකි වන පරිදි ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සඳහන් කළා. එහි අරමුණ මානව දයාවෙන් පිරිපුන් වෘත්තිකයෙකු නිර්මාණය කිරීම බවයි අග්‍රාමාත්‍යවරිය පැවසුවේ.

ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල දරුවන්ට වෘත්තීය අධ්‍යාපනයට පිවිස තම අනාගතය ජය ගැනීමට ඇති මාවත් තවදුරටත් පුළුල් කිරීම රජයේ වගකීමක්.

කෘතිම බුද්ධිය හේතුවෙන් ලෝකයේ රැකියා වෙළඳපොළ සහ වෘත්තීය ක්ෂේත්‍රයන්හි සිදුවන වෙනස්කම් පිළිබඳව තවමත් ලෝක මට්ටමින් නිසි අවබෝධයක් ගොඩනැගී නොමැති බවත්ල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා වෘත්තීය අධ්‍යාපන ධාරාව සාමාන්‍ය අධ්‍යාපන ක්‍රියාවලියට ඒකාබද්ධ කිරීම මෙකල අත්‍යවශ්‍ය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය වැඩිදුරටත් සඳහන් කළා.