‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් කල් දැමුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් අද දින සිට පැවැත්වෙනවා. ඒ අනුව එම විභාගය ලබන 20 වනදා දක්වා විභාගය පැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවේ. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,086ක්ද, ප්‍රාදේශීය මධ්‍යස්ථාන 32 ක් ස්ථාපිතයි.

ආපදා තත්ත්වය හේතුවෙන් ජාතික හැදුනුම්පත්, රියදුරු බලපත්‍ර, විදේශ ගමන් බලපත්‍ර වැනි අනන්‍යතා පත්‍ර අස්ථාන ගතවී ඇත්නම් තාවකාලික අනන්‍යතා පත්‍රයක් ඉදිරිපත් කිරීමෙන් විභාගයට පෙනී සිටීමට විභාග අපේක්ෂකයින්ට අවස්ථාව සලසා ඇති බවද විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා.