Published
දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ නායයාම් සහ ජලගැලීම් හේතුවෙන් මියගිය පුද්ගලයන් 519 දෙනෙකගේ මරණ සහතික නිකුත් කර අවසන් බව රෙජිස්ට්‍රර් ජනරාල් ශෂී දේවි ජලදීපන් මහතා පවසනවා.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයට ලැබී ඇති දත්ත අනුව මෙම ව්‍යසනකාරී තත්ත්වයෙන් මියගිය පුද්ගලයන් 611 දෙනෙකුගේ මෘතදේහයන් හඳුනාගෙන ඇති බවයි රෙජිට්‍රර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසන්නේ.
හදීසි ආපදා තත්ත්වය නිසා අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳව යම් තොරතුරක් නොලැබෙන්නේ නම් ඔහුට හෝ ඇයට මරණ ලියාපදිංචි කිරීමේ සහතිකයක් නිකුත් කිරීම කරන බවද රෙජිස්ට්‍රර් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ.




