Published
දිවයිනේ දිස්ත්රික්ක 7ක් සඳහා නායයෑම් රතු නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබෙනවා.
අද සවස 4ට මෙම නිවේදනය නිකුත් කර ඇති අතර, එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වේ.
ඒ අනුව නායයෑම් රතු නිවේදන කොළඹ, බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්රික්කවල ප්රදේශයන් සඳහා නිකුත් කර තිබේ.
මේ අතර මහවැලි ගඟේ ජල මට්ටම අඩුවීමත් සමඟ ගඟ දෙපස ඇති ගොඩනැඟිලි රැසක නායයෑමේ අවදානමක් ඇති බව වාර්තා වනවා
ඒ අනුව මහනුවර, පේරාදෙණිය හා ගන්නෝරුවේ මහවැලි ගඟ දෙපස ගොඩනැඟිලි අවදානමක් පවතින බවයි වාර්තා වන්නේ
එම නිවාස හා ගොඩනැඟිලිවල සිටින ජනතාවට වහාම ඉවත් වෙන්නැයි දැනුම්දීමක් සිදුකර තිබෙනවා.




