Published
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ තවදුරටත් විවිධ අදහස් පළ වනවා.
වර්තමානයේ රටම පාලනය වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්තේ පිහිටි පක්‍ෂ මූලස්ථානයේ අවශ්‍යතාව මත බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවා.
කෙසේවෙතත් එම පක්‍ෂයට අවශ්‍ය පරිදි රට පාලනය කිරීමට ඉඩ නොතැබිය යුතු බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.
පාසල් සංවර්ධන නිලධාරීන්ගේ ගැටළුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මෙලෙස අදහස් පළ කළා.
ආණ්ඩුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා දැක්වුයේ මෙවන් අදහසක්.
\කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා දේශපාලඥයින්ට මෙලෙස උපදෙසක් ලබාදුන්නා.




