යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට ගුරු සංගම්වලට අධ්‍යාපන අමාත්‍යංශය නිසි අවස්ථාවක් ලබා දී නොමැති බව අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පැවසුවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හයවසර සිසුන්ට ලබා දී ඇති මොඩියුලයක සමලිංගික තොරතුරු ඇතුළත් වෙබ් අඩවියක්ද ඇතුළත් කර ඇති බවයි.

ආණ්ඩුව අත්තනෝමතික ලෙස අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ලැබුවහොත් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් වැඩිදුරටත් සඳහන් කළා.