Published
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර, ගෙන ඒමට නියමිත නව පනතේ කෙටුම්පත පිළිබද මහජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බව ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා පවසනවා.
ගෙන ඒමට නියමිත එම නව පනතෙන් ඇතැම් ආයතනවල බලය තවදුරටත් වැඩිවීමට හැකියාවක් පවතින බවයි ඔහු පැවසුවේ.
ඒ අනුව සැක සහිත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඔහු ත්‍රස්තවාදියෙකු ලෙස නම් කර මාස දෙකක් රැදවුම් නියෝග ලබා ගැනීමට නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට යෝජිත පනත හරහා අවස්ථාව පවතිනවා.
කෙසේවෙතත් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේ අදාළ පනත් කෙටුම්පතේ යම් සංශෝධන සිදුකිරීම සදහා යෝජනා ඇත්නම් එය ජනතාවට ඉදිරිපත් කළ හැකි බවයි.
ඒ සදහා පෙබරවාරි 28 වනදා දක්වා ජනතාවට කාලය ලබාදී ඇති බවද අමාත්‍යවරයා පැවසුවා.
අදාළ පනත් කෙටුම්පත මේ වනවිට අධිකරණ අමාත්‍යාංශයේ වෙඩි අඩවියේ ඇතුළත්.