Published
තලංගම, අකුරේගොඩ ප්රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහා අත්අඩංගුවට ගන්නැයි ශ්රී ලංකා නීතිඥ සංගමය පොලීසියෙන් ඉල්ලිමක් කරනවා.
අදාළ සිද්ධිය සිය සංගමය දැඩිව හෙළා දකින බවද එම සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරිය මහතා පැවසුවා
එම සිද්ධිය සම්බන්ධයෙන් සිය සංගමය ගනු ලබන ඉදිරි පියවර හෙට පැවැත්වෙන විශේෂ සාකච්ඡාවේදි තීරණය කරන බවයි ශ්රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරිය මහතා වැඩිදුරටත් පැවසුවේ.




