Published
නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට රැගෙන එන ලද එනසාල්, සිගරට් ඇතුළු භාණ්ඩ තොගයක් කල්පිටිය පොලිස් භාරගයට ගෙන තිබෙනවා.
ඒ, කල්පිටිය පොලිස් වසමේ කන්දකුඩාව මුහුදු තීරය ආසන්නයේදී ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි.
එහිදී තීරු බදු නොගෙවා නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට රැගෙන එන ලද එනසාල් කරල් කිලෝ ග්‍රෑම් 30 බැගින් අඩංගු පාර්සල් 40ක්, නීති විරෝධී දුම්වැටි 200 බැගින් අඩංගු ඇසුරුම් 129ක්, කහ කුඩු කිලෝ ග්‍රෑම් 50ක් හා ප්‍රෙෂර් කුකර් 03ක් සොයාගෙන තිබෙනවා.
ඒ, ලොරි රථයකට පටවා තිබියදීයි.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී පලා ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සඳහා කල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සුද කරනු ලබනවා.