රටම විශ්වාසය තබන නෙත් නිවුස් ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සඳහා පළමු වරට පාසල් ශිෂ්‍යාවකට අද අවස්ථාව උදාවුණා.
ඒ, අනුව අද නෙත් නිවුස් උදෑසන 06.25 ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සදහා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුවියක් එක් වුණා.
ඒ අනුව සෑම සති අන්තයකදීම නිවුස් ශ්රාවකයින්ට නැවුම් අත්දැකීමක් විඳගන්නට අද සිට අවස්ථාව හිමි වනවා.
අනාගතයේ මාධ්‍ය ක්ෂේත්රය ජය ගැනීමේ අපේක්ෂාවෙන් සිටින පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නැවුම් අත්දැකීමක් ප්‍රායෝගිකව ලබා දෙමින් නෙත් නිවුස් උදෑසන 06.25 සති අන්තයේ ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය සජීවීව ඉදිරිපත් කරන්නේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමගින්.
තමන්ට අද දිනයේ ලද එම මහගු අවස්ථා පිළිබද කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ඩෙනිශ්යා පාත්රි මල්මදී සිසුවිය මෙලෙස හඩ අවධි කළා.
මාධ්‍ය ක්ෂේත්රය තුළ සාර්ථකව කටයුතු කරන ආකාරය පාසල් වියේ සිටම ප්‍රායෝගිකව අත්දකින්න අවස්ථාව සලසා දීම නෙත් නිවුස් තැබූ මෙම අලුත් ආරම්භයේ ප්‍රධාන අරමුණයි.
ප්රවෘත්ති නිවැරදිව සකස් කිරීම, ඒ සඳහා සූදානම් වීම, ශ්රාවකයින්ට නිසි ලෙස ග්‍රහණය වන පරිදි ප්රවෘත්ති ඉදිරිපත් කිරීම ඇතුළු ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයන් ජනතාවට සමීප කරවන සම්පූර්ණ ක්‍රියාවලියේ අත්දැකීම ප්‍රායෝගිකව ලබාදීම ද මෙහිදී සිදු වනවා.
මෙරට රේඩියෝ ඉතිහාසයේ නැවුම් පිටුවක් පෙරලන මෙම අත්දැකීම සෑම සති අන්තයකම උදෑසන 06.25 ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය හරහා ඔබ වෙත තිළිණ කිරීමට නෙත් නිවුස් සූදානම්.
ඒ අනුව නෙත් නිවුස් ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය හෙට ඉදිරිපත් කිරීම සඳහා මැදිරියට පැමිණෙන්නේ කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ සිසුවෙක්.
ප්රවෘත්ති ඉදිරිපත් කිරීමට හැකියාව ඇති පාසල් සිසුන්ට ඉදිරි සති අන්තවලදීත් නෙත් නිවුස් මැදිරියට පැමිණ ඊට ඉදිරිපත් විය හැකි වනවා.
ඒ සඳහා එම සිසුන් ප්‍රවෘත්තියක් ඉදිරිපත් කරන සිය හඬපටයක් 0 710 94 8 94 8 අංකයට වට්ස්ඇප් කළ යුතු වනවා. එම වට්ස්ඇප් අංකය නැවතත්, 0 710 94 8 94 8.