Published
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ඊයේ පස්වරුවේ වරින් වර විදුලිය බිදවැටීම් සිදුව ඇතැයි වාර්තා වුණා.
නෙත් බැලුම්ගල ෆේස් බුක් පිටුව හරහා ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ප්‍රතිචාර දැක්වූවන් කියා සිටියේ තිස්සමහාරාමය, රඹුක්කන, මීගමුව, කුරුණෑගල, ගණේමුල්ල, කඩවත, පානදුර ඇතුළු ප්‍රදේශ රැසක එලෙස විදුලි සැපයුම බිද වැටුණු බවයි.
සිතාමතා සිදුකරන ලද කප්පාදුවක්ද, හදිසි බිද වැටීමක්ද, කාර්මික දෝෂයක්ද යන්න මෙතෙක් තහවුරු වී නැහැ.




