දැනුම්දීමකින් තොරව තැන තැන විදුලි කප්පාදුවක් සිදු කරනවා දැයි ඇතැම් අය සැක මතු කරමින් සිටින බවට නෙත් නිවුස් අද උදෑසන කළ අනාවරණය පාර්ලිමේන්තුවේදීත් අද සංවාදයට ගැණුනා.

ඊයේ පස්වරුවේ ප්‍රදේශ ගණනාවකට වරින් වර විදුලිය බිද වැටුණු අතර දැනුම් දීමකින් තොරව සිදුවූ මෙම විදුලි බිද වැටීම හදිසි ආපදාවක්ද නැතහොත් සැලසුම් කළ කප්පාදුවක් දැයි තවමත් නිල වශයෙන් ප්‍රකාශ කර නැහැ.

ඒ අනුවයි සිදුවූ විදුලි බිද වැටීම් දැනුම්දීමකින් තොරව කෙරුණු විදුලි කප්පාදුවක් දැයි ඇතැම් අය සැක පළ කළේ.

නෙත් නිවුස් අද උදෑසන 6.45 ප්‍රවෘත්ති ප්‍රකාශයේදී මෙම සැකය මතුකර දැක්වූවා.

ඉන් අනතුරුවයි පාර්ලිමේන්තුවේදී ඒ පිළිබද සංවාද වූයේ.  විදුලි කප්පාදුවක් සිදු කරන්නේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් මහතා එහිදී ආණ්ඩුවේන් විමසීමක් කළා. ඊට ප්‍රතිචාර දක්වමින් බලශක්කි අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසුවේ විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි.