පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පත මාර්තු මාසයට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

ඒ අනුව එම පනත් කෙටුම්පත සති 6 ක් තුළ පාර්ලිමේන්තුවේ සම්මත කර ගත හැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඒ සම්බන්ධයෙන් යම් තැනැත්තෙකුට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සති දෙකක කාලයක් හිමි වනවා.

එලෙස නීතිමය ක්‍රියාමාර්ග ගත හොත් සති තුනක් තුළ එහි තීන්දුව අධිකරණය විසින් ප්‍රකාශයට පත් කරනු ඇති.

කෙසේවෙතත් පෞද්ගලික වාසි තකා දේශපාලනයේ නිරත වීමට පාර්ලිමේන්තුවට පිවිසීමට උත්සහ කරන පුද්ගලයින් නතර කළ යුතු බවයි අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ.