තුන්වන පාසල් වාරයේ දෙවන අදියර කලින් සැලසුම් කළ පරිදි දෙසැම්බර් මස 08 වනදා ආරම්භ නොවන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියේ එම පාසල් වාරය දෙසැම්බර් මස 10 වනදා ආරම්භ කිරීමට දැනට සැලසුම් කර ඇති බවයි.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අද, හෙට සහ අනිද්දා දිනවල පැවැත්වීමට නියමිතව තිබූ උසස්පෙළ විභාගයේ විෂයන් දොසැම්බර් 07,08 සහ 09 යන දිනවල පැවැත්වීමට තීරණය වී තිබීම ඊට හේතු වී තිබෙනවා.