Published
කළුතර පොලිස් අභ්‍යාස විදුහලේ පොලිස් පුහුණුව ලබමින් සිටි ආධුනික කොස්තාපල්වරු දෙදෙනෙක් බහින් බස් වී එක් අයෙකු අනෙකාට තියුණු අවියකින් පහර දීම නිසා, තුවාළ ලද ආධුනික පොලිස් භටයා කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති බව කළුතර දකුණ පොලීසිය පවසනවා.
තුවාල ලද ආධුනික පොලිස් කොස්තාපල් වරයා ශල්‍ය කර්මයකට යොමු කල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.
සිද්ධිය පිළිබඳව කළුතර දකුණ පොලීසිය, සැකකාර ආධුනික පොලිස් කොස්තාපල් වරයාට එරෙහිව නීතීමය ක්‍රියා මාර්ග ගැනීම සඳහා වැඩි දුර පරීක්ෂණ පවත්වනු ලබනවා.




