ත්‍රිකුණාමලය බුදුපිළිමය සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ සිව් නම සහ අනෙකුත් සැකකරුවන් අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ, එම පිරිස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද යළි ඉදිරිපත් කළ අවස්ථාවේදී ලබාදුන් නියෝගයක් මතයි.
ඒ අනුව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ සිව් නම ඇතුළු පිරිස ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි අධිකරණය නියෝග කර ඇත්තේ.
මෙම පිරිස පසුගිය දෙවනදා අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී නියෝග කෙරුණේ අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.
ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිරිපත් කර බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමේන්තුව කළ පැමිණිල්ලකට අනුව මෙම පිරිස අත්අඩංගුවට ගැණුනා.



