මුදල් වංචාවකට අදාළව අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටි ඩබ්ලිව් එච් අතුල තිලකරත්න නමැති සිරකරු වෙසෙක් පොහොය වෙනුවෙන් ජනපති සමාව යටතේ නිදහස් නොකළ බව බන්ධනාගාර ආරංචි පවසනවා.
නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ ජනපති සමාව යටතේ ඔහුට ගෙවීමට තිබූ දඩ මුදල පමණක් අහෝසි වූ බවයි.
කෙසේවෙතත් එම සිරකරු ජනපති සමාව යටතේ නිදහස් නොකළේ ඔහුට එරෙහිව පවතින තවත් නඩුවකට අදාළව අධිකරණයෙන් ලබා දී තිබූ නියෝගයක් හේතුවෙන් බවයි වාර්තා වුණේ.
ඒ අනුව එම සිරකරු රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
එවන් පසුබිමක් තුළ වෙසක් පොහොය දා නිදහස් වීමට නියමිතව තිබූ සිරකරුවන්ගේ නාම ලේඛනයට අදාළ සිරකරුගේ නම ඇතුළත් නොකළ බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
ඒ අනුව ජනාධිපති කාර්යාලය වෙත යැවූ අදාළ සිරකරුවන්ගේ නාමලේඛනයේද ඩබ්ලිව් එච් අතුල තිලකරත්න නමැති සිරකරුගේ නම ඇතුළත්ව නැහැ.
කෙසේවෙතත් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි ඔහුට නඩුවට අදාළව අධිකරණයෙන් නියම කර තිබූ ඇප කොන්දේසි සම්පූර්ණ කිරීම හේතුවෙන් වෙසක් පොහොයට පසුදිනක එම සිරකරු නිදහස් කළ බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
අධිකරණ කිහිපයක නඩු පවතින අදාළ සැකකරු ජනපති සමාව යටතේ නිදහස් කර ඇති බව ඇතැම් පාර්ශව චෝදනා කර තිබුණා.
ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහාද පසුගිය දින කිහිපයේ විවිධ පුවත් සංසරණය වුණා.
එවන් පසුබිමක් තුළ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේද අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
ඒ අනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් ජනාධිපති කාර්යාලය වෙත එවන ලද පොදු සමාව හිමි විය යුතු නාම ලේඛනයේ එම සිරකරුගේ නම සඳහන්ව නොතිබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
කෙසේවෙතත් ජනපති සමාව යටතේ අනුමැතිය නොලැබූ සිරකරුවෙකු නිදහස් කිරීම සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පැමිණිල්ලක්ද සිදු කර තිබෙනවා.
අදාළ සිරකරු බන්ධනාගරගත කර ඇත්තේ ලංකා දණ්ඩනීතී සංග්‍රහයේ 386 වගන්තිය උල්ලංගනය කිරීම හේතුවෙන් බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
ගෙවීමට නියම කර ඇති මුදල වන රුපියල් ලක්ෂ 20ක වන්දි මුදල දඩයක් ලෙස ගෙවන ලෙසට අධිකරණය මඟින් ඔහුට නියම කර තිබුණා.
එම දඩය නොගෙවන්නේ නම් මාස 06ක බරපතල වැඩ සහිතව සිර දඩුවම් නියම කර තිබූ බවයි බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර ජනපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කරන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා අදහස් පළ කළා.
මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා.