ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රා දෙක සහ සැකකරුවන් අද අලුයම දික්ඕවිට වරාය වෙත රැගෙන එනු ලැබුවා.
එම මත්ද්‍රව්‍ය තොගය ගණනය කිරීමෙන් අනතුරුව ඉදිරි විමර්ශන සඳහා සැකකරුවන් සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදෙන බවයි නාවික හමුදාව පැවසුවේ.
පොලීසිය ලබාදුන් තොරතුරක් මත මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ එක් බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් පළමුව සිය භාරයට ගෙන තිබුණේ සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි.
එහිදී එම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රාවේ සිටි සැකකරුවන් පස් දෙනෙකු ද සිය භාරයට ගත් බවයි නාවික හමුදාව පැවසුවේ.
ඉන් අනතුරුව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැක කෙරෙන තවත් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු සහ සන්නිවේදන උපකරණ නාවික හමුදා භාරයට ගෙන තිබුණා.
එම බහුදින ධීවර යාත්‍රා දෙකේ ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 200කට අධික බවට විශ්වාස කෙරෙනවා.
අදාල මත්ද්‍රව්‍ය තොගය සෙහාන් සත්සර නොහොත් “දෙහිබාලේ මල්ලි” නැමැත්තාට අයත් බවටයි පොලීසිය සැක පළ කරන්නේ.




