වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් නොමැතිව මානසික රෝගීන් වෙත ලබා දෙන මත් වෙන ඖෂධ තරුණයන්ට අලෙවි කල හැටන් නගරයේ ඔසුසැල් හිමියෙකු හැටන් කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ එම ඔසුසැල් හිමියා තරුණ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ඉතා අධික මිලකට වෛද්‍ය නිර්දේශයක් නොමැතිව මෙම ඖෂධ අලෙවි කරන බවට ලද තොරතුරකට අනුවයි.

හැටන් කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් පොලිස් උපාය දුතයෙකු යොදා ගනිමින් එම ඖෂධ වෙළදසැල් හිමියාගෙන් වෛද්‍ය නිර්දේශයක් නොමැතිව ඖෂධ මිලදී ගෙන සැකකරු අත්ඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අලෙවි කිරිමට සූදානම් කර තිබූ මත් පෙති 1400කට ආසන්න සංඛ්‍යාවක් එහිදී පොලිසිය භාරයට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.