කැස්බෑව, පොල්ගස්ඕවිට පාලම අසලදී මහා පරිමාණ කේරළ ගංජා ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, යුද හමුදා බුද්ධි අංශය ලබාදුන් තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදීයි.

සැකකරු සන්කයේ තිබී කේරළ ගංජා කිලෝ 32 ක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරුළපන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වැඩිදුර විමර්ශන සදහා සැකකරු කැස්බෑව පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.