Published
ගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මාරක රිය අනතුරු 271කින් ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසනවා.
රථවාහන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් පී ජේ සේනාධීර මහතා පැවසුවේ මාරක රිය අනතුරුවලින් මිය ගිය පිරිසද මෙම වසරේ ඉහළ ගොස් ඇති බවයි.
පදිකයින් සියයට 31ක පමණ ප්‍රමාණයක් වාර්ෂිකව රිය අනතුරුවලට ලක්වන බවයි රථවාහන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රථවාහන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් පී ජේ සේනාධීර මහතා මෙම අදහස් පළ කළා.




