මෙම වසරේ පළමු කාර්තුව තුළ පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 650ක සෘජු විදෙස් ආයෝජන, ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

ඔහු කියා සිටියේ මේ දක්වා කාලය තුළ පමණක් ව්‍යාපෘති 64ක් රටට ලැබී ඇති බවයි.

ආයෝජකයින්ට පහසුකම් සැලසීම සඳහා නව වැඩපිළිවෙලක් ආරම්භ කරන බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.

කෙසේවෙතත් වත්මන් ආණ්ඩුව යටතේ ද විවිධ වංචා සිදුවෙමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවා.

මේ අතර අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවේ පාසල් දරුවන්ගේ අධ්‍යාපන පීඩනය අඩු කිරීම සඳහා නව විෂය මාලා සංශෝධනයක් සිදු කරන බවයි.

මෙම අදහස් පළ වුණේ ඊයේ පාර්ලිමේන්තුවේදීයි.

පාර්ලිමේන්තුව අදත් රැස් වනවා.