Published
                
                 
                
            ඉරානය සහ ඊශ්‍රායලය අතර හටගෙන ඇති යුද ගැටුම් උත්සන්න වීමත් සමග මතුව ඇති තත්ත්වය හේතුවෙන් රජයක් ලෙස ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජාතික ආරක්ෂණ කවුන්සිලය කැඳවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
පවත්නා තත්ත්වයත් සමග හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට පියවර ගතහොත් ඉන්ධන මිල ගණන් ඉහළ යා හැකි බැවින් ඒ සම්බන්ධයෙන් දැන් සිටම අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවයි විපක්ෂ නායකවරයා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ.




