මුන්දලම, නවදන්කුලම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි.

වෑන් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බව මුන්දලම පොලිසිය පැවසුවා.