පුත්තලම, නාරක්කල්ලිය ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු දියර වර්ගයක් පානය කිරීමෙන් පසු ඇතිවූ සංකූලතා හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ධීවරයන් සිව්දෙනෙකු විසින් මුහුදේ සිට පාවී ආ බෝතලයක තිබූ දියර වර්ගයක් එලෙස පානය කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

එම දියර වර්ගය පානය කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනෙක් පුද්ගලයින් දෙදෙනා මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.