මෙම වසරේ තුන් වන කාර්තුව පමණ වන විට මෙරට උද්ධමනය සියයට පහක මට්ටමකට ළඟා වනු ඇතැයි පුරෝකතනය කළ හැකි බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මෙරට උද්ධමනයට සැලකිය යුතු බලපෑමක් එල්ල වී නොමැති බවයි මහබැංකු අධිපතිවරයා කියා සිටියේ.

පවත්නා තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මහබැංකු ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 7යි දශම 7යි 5ක් ලෙස දැනට පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කළ බවයි මහ බැංකුවේ අධිපතිවරයා කියා සිටියේ.

දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය උද්ධමනය සියයට පහක ඉලක්කය කරා මෙහයවීමට සහය වනු ඇතැයිද මහබැංකු අධිපතිවරයා සඳහන් කළා.

ශ්‍රී ලංකා මහබැංකුවේ ඉදිරි මුදල් ප්‍රතිපත්ති විවරණය ඉදිරිපත් කරමින් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙම අදහස් පළ කළා.