අළු බදුන ටෙස්ට් තරඟාවලියේ සිව් වන තරඟය පැවති ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරුවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් අසාදු ලකුණක් එක් කර තිබෙනවා.
එම තරඟයේ තරඟ තීරකවරයා ලෙස කටයුතු කළ ජෙෆ් ක්‍රෝ විසින් එම තණතීරුවට අසාදු ලකුණක් එක්කර ඇත්තේ එම තණතීරුව සෑහිමකට පත් විය නොහැකි තත්ත්වයේ පැවතීම හේතුවෙන්.
ඕස්ට්‍රේලියා එංගලන්ත සිව්වන එක්දින තරඟය දෙසැම්බර් 26 එනම් බොක්සිං දිනයේදී නිමාවට පත් වුණේ එංගලන්තයට ජය හිමි කර දෙමින්.
එම සමස්ත තරඟය දින දෙකකදී නිමාවට පත් වීම බොහෝ දෙනාගේ මවිතයට හේතු වූ කරුණක් වුණා.
එම දින දෙක ඇතුළත කණ්ඩායම් දෙක රැස් කළ සමස්ත ලකුණු 572ක් රැස්කර තිබූ අතර කඩුලු 36ක් බිඳවැටීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ සිදුවීමක් වුණා.
එමෙන්ම කිසිදු පිතිකරුවෙකුට එම තරඟයේදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට නොහැකි වීම විශේෂත්වයක්.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීතියට අනුව අසාදු ලකුණක් ලැබීම හේතුවෙන්, ඉදිරි වසර දෙක තුළ මෙවැනිම කරුණක් මත මෙල්බර්න් තණතීරුවට තවත් අසාදු ලකුණක් එක්වුවහොත් එම ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟයක් වෙනත් ක්‍රීඩාංගණයක් සඳහා යොමු කිරීමට සිදු වන බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.


