මෙවර නිදහස් දින උත්සවය අඩු පිරිවැයකින් පැවැත්වීමට තීරණය කර ඇතැයි පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශයේ ලේකම් එස් ආලෝක බණ්ඩාර මහතා පවසනවා. ඔහු කියා සිටියේ ගියවර නිදහස් උත්වයට වැය කළ මුදලට හා සමාන මුදලක් මෙවර ද වැය කිරීමට අපේක්ෂා කරන බවයි.

ගියවර නිදහස් උළෙලේ ආකෘතියට සමාන ආකෘතියකින් මෙවර නිදහස් දින උළෙල පැවැත්වෙන බවයි ලේකම්වරයා සඳහන් කළේ.

මේ අතර නිදහස් උළෙල සහ එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර ගනිමින් විශේෂ ආරක්ෂක හා රථවහාන සැලැස්මක් ක්‍රියාත්මක බවයි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ.

78 වන ජාතික නිදහස් දින උත්සවය වෙනුවෙන් පැවැත්වෙන පෙරහුරු අද සිට ආරම්භ වුණා. ඒ අනුව පෙරහුරු පැවැත්වෙන කාලසීමාව තුළ ඒ ආශ්‍රිත මාර්ගවල රථ වාහන ගමනා ගමනය සීමා කෙරෙනවා.