උතුරු දුම්රිය මාර්ගයේ යාපනය සහ කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය අද සිට යළි ආරම්භ වුණා.

ඒ අනුව යාපනය නගරාන්තර දුම්රිය අද සිට දිනපතා ගමන් ආරම්භ කරනු ඇති. ග

ල්කිස්සෙන් පෙරවරු 05.15 ටත්, කන්කසන්තුරයෙන් පස්වරු 01.50 ටත් මෙම දුම්රිය පිටත් වීමට නියමිතයි.

මෙම දුම්රිය වායු සමනය කළ පළමු පංතියේ මැදිරි 09 කින් සමන්විතයි.

යාපනය රාත්‍රී තැපැල් දුම්රිය ද අද සිට ක්‍රියාත්මකයි.

මොරටුවෙන් පස්වරු 06.55ට සහ කන්කසන්තුරයෙන් පස්වරු 08.00ට ගමන් ආරම්භ කෙරෙනවා.

යාල් දේවී දුම්රිය සේවාව හෙට සිට දිනපතා ධාවනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

එය කොළඹ කොටුවෙන් පෙරවරු 06.40 ට සහ කන්කසන්තුරයෙන් පෙරවරු 10.30 ට පිටත් වීමට නියමිතයි.

ආසන වෙන්කිරීම මගී ජනතාවට තම ආසන වෙන් කරවා ගැනීම සඳහා පහසුකම් සලසා දී තිබෙනවා.

ඕනෑම දුම්රිය ස්ථානයකට පැමිණ හෝ අඩවිය ඔස්සේ මාර්ගගතව ද ආසන වෙන් කරවා ගත හැකියි.

යාල් දේවී දුම්රිය සඳහා වායු සමනය කළ පළමු පංතියේ මැදිරි දෙකක්ද, රාත්‍රී තැපැල් දුම්රිය සඳහා පළමු පංතියේ මැදිරි 04 ක් සහ දෙවන පංතියේ වෙන්කළ ආසන සහිත මැදිරි දෙකක්ද වෙන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා දුම්රිය සේවය පැවසුවේ ”දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ ස්ථාන 14 කට බරපතල හානි සිදුව තිබු බවයි.