Published
යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලෙස හඳුන්වන පලාලි ගුවන්තොටුපොළේ මගී පර්යන්තය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ලබන වසරේ ජූලි මාසය වන විට අවසන් කිරීමට නියමිත බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.
ව්‍යාපෘතියේ පළමු අදියර දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, දෙවන අදියර මෙම වසරේ ජුනි මාසය වන විට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කළේ.
යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මගී පර්යන්තය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය නිරික්ෂණ කිරිමෙන් අනතුරුව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා ද එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.




