වෙහෙරගල ජලාශයේ සොරොව්ව ආසන්නයේ තිබී යුද උපකරණ සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කෙරෙන බව පොලිසිය පවසනවා.

යාල රක්ෂිතයේ වෙහෙරගල ජලාශයේ සොරොව්ව ආසන්නයේ තිබී යුද උපකරණ රැසක් පොලිසිය විසින් සොයාගනු ලැබුවේ ඉකුත් 30 වනදායි. ටී - 56 මැගසීන් 74, එල්.එම්.ජී ඩ්‍රම්ස් 35ක් සහ එම්.පී.එල්.ජී ඩ්‍රම්ස් බොක්ස් 05ක් එම ස්ථානයේ තිබී සොයා ගැනුනා.

වෙහෙරගල ජලාශ්‍රයේ ජලය අඩුවීමත් සමග මෙම යුද උපකරණ නිරීක්ෂණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් යුද හමුදා නිලධාරින් කතරගම පොලිස් ස්ථානය වෙත ලබාදුන් තොරතුරක් අනුව පොලිසිය එම යුද උපකරණ සිය භාරයට ගනු ලැබුවා.

එම වැව් බැම්මේ සොරොව්ව ආසන්නයේ ජලය තවදුරටත් පවතින බැවින් එම ස්ථානය නාවික හමුදා කිමිදුම්කරුවන්ගේ සහාය ඇතිව අද දිනයේ පරික්ෂා කිරීමට නියමිත බවයි ගෝනගංආර පොලිසිය පැවසුවේ.