Published
පැය 08ක සේවා මුරය ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් 09ක් මුල් කර ගනිමින් අද රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා සමග සාකච්ඡාවකට එක් වන බව ඒකාබද්ධ රියදුරු සේවක සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති යූ ඒ ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා පැවසුවේ 2016 වසරෙන් පසු බඳවා ගනු ලැබූ රාජ්‍ය සේවකයන් සඳහා අහිමි වී ඇති විශ්‍රාම වැටුප් ලබා ගැනීම පිළිබඳවද එහිදී සාකච්ඡා කරන බවයි.
මෙම සාකච්ඡාව තුළින් විසඳුම් නොලැබෙන්නේ නම් ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද ඒකාබද්ධ රියදුරු සේවක සංගමයේ සභාපති යූ ඒ ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා මෙලෙස අදහස් දැක්වුවා.




