විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරිම සදහා වන රටම එකට ජාතික මෙහෙයුම උතුරු පළාත් වැඩසටහන අද ආරම්භ වනවා.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය තාක්‍ෂණ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදීයි.

උතුරු පළාතේ සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ දිනයේ මන්නාරම, මුල්ලිකුලම් ප්‍රදේශයේ ඉදි කෙරෙන මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ආරම්භ කිරීමටද එක් වුණා.

එමෙන්ම සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් සංචාරක මණ්ඩලය විසින් යාපනය මනිපායි මරුතඩි විනායහර් කෝවිලේදී සංවිධාන කර තිබූ තෛපොංගල් උත්සවය සඳහාද ජනාධිපතිවරයා සහභාගි වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.