වික්ටෝරියා රන්දෙණිගල රන්ටැඹේ ප්‍රධාන අභය භූමි කලාපය තුළ ගිනි අවි තුනක් රැගෙන දඩයමේ ගිය පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, දාගැවිල්ල බීට්ටු වන ජීවී නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින්. රාත්‍රී මුර සංචාරයේ යෙදෙමින් සිටි අතරතුර එම නිලධාරීන්ට ලද තොරතුරක් අනුව එම වැටලීම සිදු කර තිබෙනවා.

එහිදී බෝර 12 වර්ගයේ පතොරොම් තුවක්කුවක් සහ බෙහෙත් කොටන වර්ගයේ තුවක්කු දෙකක් සැකකරුවන් සන්තකයේ තිබී සොයා ගෙන ඇති බවයි වනජීවී නිලධාරීන් පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු තිස් පහ හතලිහ අතර වයස්වල පසුවන මිණිපේ සහ වෑතල ප්‍රදේශවල පදිංචි කරුවන් බවද වනජීවී නිලධාරීන් පැවසුවා.