ත්‍රිකුණාමලයේ බුදු පිළිම සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට අත්ත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ඛාරයට පත් කිරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝතය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ ත්‍රිකුණාමලය කළ්‍යාණ වංශ තිස්ස හිමියන් විසින් ගොනු කර තිබෙන ඊට පෙත්සම කරුණු සලකා බැලීම සඳහා ලබන 22 වනදා කැඳවන ලෙස අභියාචනාදි කරණය නියම කළා.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්තප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායක ස්වාමීන් වහන්සේලා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය දී තිබෙන නියෝගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව සඳහන් කළා.

මෙම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආටස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වෙරළ සංරක්ෂණ පනත යටතේ මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර ඇති නිසා ඔවුන්ට ඇප ප්‍රදානය කිරීමට මහේස්ත්‍රාත්වරයාට බලයක් නොමැති බව පෙන්වා දුන්නා.