ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් වහන්සේ අබියස පැවැත්වෙන සර්වරාත්‍රී මහා සතිපට්ඨාන සූත්‍ර ධර්ම දේශනාව සහ සත් දින ”චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය ” සදහම් චාරිකා ආගමික වැඩසටහන අද සිට ආරම්භ වනවා.
සර්වරාත්‍රික මහාසතිපට්ඨාන ධර්ම දේශනාව අද සවස 3 සිට පසුදා උදෑසන 6.00 දක්වා පැවැත්වීමට නියමිතයි.
මේ, ඊට ඇති සූදානම පිළිබද අදහස් දැක්වූ නෙත් ආගමික අංශයේ සමීර බණ්ඩාර වීරකෝන්.
ඪධෂක්‍ෑ ක්‍ඹඔ - :ඍෑඡ ී්ඵෑෑඍ් 01*
මේ අතර ” චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය” සත්දින සදහම් පාද චාරිකාව හෙට සිට මාර්තු 14 දක්වා පැවැත්වෙනවා.
හෙට පෙරවරු 8.30 මෙම සඳහම් චාරිකාව රුවන්වැලි සෑ මළුවෙන් ආරම්භ කිරීමට නියමිතයි.
මාර්තු 09 සදුදා පෙරවරු 7:00ට මෙම සඳහම් චාරිකාව මල්වානේගම, පණ්ඩුකාභය භාවනා මධ්‍යස්ථානය ස්ථානයෙන් පිටත් වන අතර මාර්තු 10 අඟහරුවාදා පෙරවරු 6:30ට චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය” සඳහම් චාරිකාව ගල්ගමුව, උපතිස්සාරාම විහාරස්ථානයෙන් පිටත් වීමටයි නියමිතව ඇත්තේ.
මාර්තු 11 බදාදා පෙරවරු 6:30ට මෙම සඳහම් චාරිකාව දීගිතව සමිති ශාලාවෙන් පිටත් වන අතර මාර්තු 12 බ්‍රහස්පතින්දා පෙරවරු 6:30ට සඳහම් චාරිකාව මඩිතියවෙල පිරිවෙනෙන් පිටත් වීමට නියමිතයි.
මාර්තු 13 සිකුරාදා පෙරවරු 6:30ට චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය” සඳහම් චාරිකාව නියඳුරුපොල, වර්ධනාරාමයෙන් පිටත් වීමටයි නියමිතව ඇත්තේ.
“චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය” සඳහම් චාරිකාවේ අවසාන වන්නේ මාර්තු 15 ඉරිදායි.
රත්නපුර, පැල්වාඩිය මිණිපුර අමාශාන්ති තපෝවන සේනාසන පරිශ්‍රයේදී ලේ දන් දීමේ පිංකමක් ද සංවිධාන කර තිබෙනවා.




