Published
සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අද පැවැත්වෙන සාකච්ඡාවේදී නිසි විසදුම් නොලැබුණහොත් ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබද තීරණය කරන බව රේගු වෘත්තීය සමිති පවසනවා.
මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා සමග අදාළ සාකච්ඡාව පැවැත්වෙන බවයි රේගු නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති ගීතාංජන මඩපාත මහතා පැවසුවේ.
සිය නිලධාරීන් කළු පටි පැළද රාජකාරී කටයුතු සිදුකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක දින කිහිපයක සිට නිරතව සිටින බවද ඔහු පැවසුවා.
එලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන්නේ වසර හයක සිට රේගු නිලධාරීන්ගේ උසස් වීම් සිදු නොවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.



