හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණා.

එහිදී අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමෙන් පසුව, රෝහල් බලධාරීන්ගේ නිර්දේශය මත ඔහු යළිත් විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ බවයි පොලීසිය පැවසුවේ.

පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළව සිදුකරන විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා සුරේෂ් සලෙයි අත්අඩංගුවට ගනු ලැබුවේ පෑලියගොඩ ප්‍රදේශයේදීයි.

ඉන් අනතුරුව දින අනූවක කාලයක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව රැදවුම් නියෝග ලබාගත්තා.