ලංකාවේ වැඩිම අපනයන ආදායමක් ලබාගත් වසර බවට 2025 වසර පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

එමෙන්ම මෙරටට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන වසර බවට ද මෙම වසර පත් කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

කුරුණෑගල, ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරයේ ශ්‍රී දළදා පොසොන් පෙරහැර මංගල්‍යය ශතක සංවත්සරයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මුදල් හෝ බලය මත ජීවය මැරුණු සමාජයට බෞද්ධ දර්ශනය තුළින් අධ්‍යාත්මික ජීවය ලබා දිය හැකි බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී අවධාරණය කළා.