සිය සමාගම විසින් ආනයනය කළ ගෑස් තොගයක් අද දිවයිනට ළගා වූ බව ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා.
එම ගෑස් තොගය අද සිට වෙළදපොළට නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ඒ අනුව ගෘහස්ථ පාරිභෝගිකයන්ට අද සිට සිය අළෙවි නියෝජිතයින් හරහා සාමාන්‍ය පරිදි ගෑස් සිලින්ඩර් මිලදී ගත හැකි බවද එම සමාගම වැඩිදුරටත් පැවසුවා.
පසුගිය දින කිහිපය පුරාම වෙළද පොළේ ලාෆ්ස් ගෑස් හිගයක් දක්නට ලැබුණා.
එවන් පසුබිමක් තුළ ලිට්‍රෝ ගෑස් සදහාද දැඩි ඉල්ලුමක් පැවතියා.
මේ හේතුවෙන් දින කිහිපයක් ලිට්‍රෝ ගෑස් හිගයක්ද වෙළදපොලේ පැවතියා.