Published
ලාෆ්ස් ගෑස් මිල ගණන ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 80කින්.
රුපියල් 4,250ක්ව පැවැති එම ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල 4,330ක්.
එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 32කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 1,742ක් වනවා.




