Published
41 වන මිසිස් වර්ල්ඩ්, ලෝක විවාහක රූ රැජින තරගයේ තුන්වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සබීනා යූසුෆ් සමත් වී තිබෙනවා.
මෙම තරගය පැවැත්වුණේ අමෙරිකාවේ ලාස් වේගාස්හීදීයි. පළමුව සබීනා යූසුෆ් ලෝක විවාහක රූ රැජින තරගයේ අවසන් තරඟකරුවන් 20 දෙනා අතරට පැමිණියා. මෙම තරගාවලියේ මිසිස් ෆොටෝජනික් ශූරතාව දිනා ගත්තේ ද සබීනා යූසුෆ්.
ලෝකයේ ක්‍රියාත්මක දීර්ඝතම ජාත්‍යන්තර තරඟ අතරට මිසිස් වර්ල්ඩ් තරගයද ඇතුළත්.
රෝසි සේනානායක මහත්මිය මීට පෙර එහි ශූරතාව හිමිකර ගත්තා.
මෙවර අමෙරිකාවේ පැවති 41වන ලෝක විවාහක රූ රැජින තරගයේ කිරුළ හිමිකර ගත්තේ තායිලන්ත රූ රැජිනයි.
සත්කාරක අමෙරිකානු රූ රැජිනට එහි දෙවන ස්ථානය හිමිවුණා.
41වන ලෝක විවාහක රූ රැජින තරගය සඳහා ලෝකයේ රටවල් 60කට අධික රූ රැජිනියන් පිරිසක් එක්ව සිටියා.