ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 119.50ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ද අමෙරිකානු ඩොලර් 119.48ක් ලෙස දැක්වුණා.
ඒ අනුව මෙය බොරතෙල් මිල ඉතිහාසයේ එක් දිනක් තුළ සිදුවූ වාර්තාගතම මිල ඉහළ යාමක් ලෙසයි සැලකෙන්නේ.
ගෝලීය යුද උණුසුම සහ සැපයුම් දාමයේ බාධා කිරීම් හේතුවෙන් බොරතෙල් මිල මෙලෙස ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.
මෙලෙස බොරතෙල් මිල ඉහළ යාම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? ඒ අනුව රජය ගත යුතු පියවර කවරේද? මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථීක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා.
මේ අතර පවතින යුද වාතාවරණය හමුවේ ඉරානයේ යුද උපක්‍රමය පිළිබද හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා.



