Published
කොළඹ වරාය තුළ පවතින බහලුම් තදබදය තවදුරටත් පැවතියහොත් අලුත් අවුරුදු උත්සවය සමය තුළදී භාණ්ඩ හිඟයක් ඇතිවිය හැකි බව බහලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති සනත් මංජුල මහතා පැවසුවේ කඩිනමින් පවතින බහලුම් තදබදය අවම කිරීමට රජය අවශ්‍ය පියවර ගත යුතු බවයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ බහලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා.




