Published
දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති අඩු පීඩන කලාපය හේතුවෙන් වලපනේ ප්‍රදේශයට පැය ගණනාවත් එසේ නොකඩවා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හමුවේ තිරිපැහැ නිල්දණ්ඩහින්න මාර්ගය නාය යාමකට ලක්ව ඇති බව වලපනේ පොලිසිය පවසනවා.
එම මාර්ගයේ උඩමංකඩ ප්‍රදේශයෙන් එම නායයාම සිදුවී ඇති අතර ඒ හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන් ඇණහිට ඇති බවයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කර සිටියේ
එම ප්‍රදේශයේ නායයාම් තවදුරටත් සක්‍රීය වෙමින් පවතින බවයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කර සිටියේ.




