දිය අනතුරු හේතුවෙන් මේ වසරේ ගත වූ කාලය තුළ පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

කෙසේවෙතත් එම කාලය තුළදී දිය අනතුරුවලට ලක්වූ පුද්ගලයින් 33 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට හැකි වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී ඒෆ්.යු.වුට්ලර් මහතා පැවසුවේ.

මහජනතාවගේ ආරක්ෂාව සඳහා ඒම අනතුරු බහුලව සිදුවන ප්‍රදේශ ඉලක්ක කරගනිමින් ජීවිතාරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.