ජාත්‍යන්තර තරුණ දිනය අදට යෙදී තිබෙනවා. ඊට සමගාමීව මෙරට තරුණයන්ට සුවිශේෂී වූ වැඩසටහනක් අද පෙරවරුවේදී කොළඹදී ආරම්භ වුණා. ඒ, ජාතික තරුණ සමුළුවයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විටත් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී එය පැවැත්වෙනවා. මෙවර ජාතික තරුණ සමුළුව පැවැත්වෙන්නේ වසර 32කට පසුව වීම විශේෂත්වයක්. මේ, එම සමුළුව ඇමතූ ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ සුපුන් විජේරත්න මහතා.

තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ එරංග ගුණසේකර මහතා සමුළුව ඇමතුවේ මෙලෙසයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමුළුව ඇමතුවේ මෙලෙසයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා.