යොවුන් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජපාන කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණු 203කින් ජය ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් වුණා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 04ක් පමණක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 387ක්.
එහිදී විරාන් චමුදිත පන්දු 143ක් තුළ හතරේ පහරවල් 26ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 192ක් රැස් කළා.
ඔහු එහිදී වාර්තාවක් පිහිටු වූයේ යොවුන් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගයක ක්‍රීඩකයෙක් රැසක් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලබාගනිමින්.
දිමන්ත මහවිතාන දැවී ගියේ ලකුණු 115ක් රැස්කර සිටියදීයි.
ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල සඳහා ලකුණු 328ක් රැස් කළා.
යොවුන් එක්දින ක්‍රිකට් පිටියේ ඕනෑම කඩුල්ලක් සඳහා ක්‍රීඩකයින් දෙදෙනෙකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව මෙය වනවා.
කෙසේවෙතත් ජයග්‍රාහී ලකුණු 388ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ජපාන කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 184ක් පමණයි.




